FactChecked

ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා වලට අනුව 2015 ජනවාරි සිට 2016 දෙසැම්බර් තෙක් රටේ ලක්ෂ 4කට වැඩි ගණනක් රැකියාවෙන් දොට්ට දාලා – තොරතුර ‘නිවැරදියි’ ‘සත්‍යයි’

2017 මැයි මස 9, ෆැක්ට් චෙක් ශ්‍රී ලංකා ආයතනය

CLAIM

ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා වලින් තහවුරු කරගෙන ඇත්තේ 2014 අවසානයේ සිට 2016 අවසානය දක්වා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හතරකට වඩා රැකියා අහිමිවූ බවයි .

RATING

FactCheck True

ORGIN

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාවට අනුව 125 පිටුව හි සඳහන් වන්නේ :

lost Jobs2014 අවසන් වන විට මුළු රැකියාවේ නියුතු පිරිස 8,424,000 (ලක්ෂ 84ක් පමණ) බවයි.

එම ප්‍රමාණය වසර 2015 අගභාගය වෙන විට 8,554,000 දක්වා ඉහළ ගිය බව වඩාත් පැහැදිලිව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාවට අනුව 126 පිටුව 4.10 වගුව පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවට අනුව , 136 පිටුව සඳහන් කරන්නේ 2015 අගභාගයේ මුළු රැකියාවේ නියුතු පිරිස 7,831,000 ක් බවයි. එයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව හා ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාව සැසඳීමෙන් අපට පැහැදිලි වන්නේ 723,000 පමණ 2015 රැකියා අහිමි වී ඇති බවයි.

තවද ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවට අනුව 137 පිටුවේ 4.9 වගුව පෙන්වාදෙන්නේ 2016 අගභාගයේ මුළු රැකියාවේ නියුතු පිරිස 7,948,000 වී ඇත්තේ 1.5% ක වර්ධනයකින් බවයි.

මෙවැනි කරුණු වලින් මනාව පැහැදිලි වන්නේ 2014 අවසානයේ සිට 2016 අවසානය දක්වා මුළු රැකියාවේ නියුතු පිරිස 8,424,000 සිට 7,948,000 අඩුවූ බවයි.

ඒ අනුව 2014, 2015, 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා වලින් තහවුරු වන කරුණු අනුව රටේ මිලියනයකින් හරි අඩකට පමණ එනම් පුද්ගලයන් 476,000 හෙවත් මුළු ජනගහණයෙන් 2% කට පමණ 2015 ජනවාරි මස සිට 2016 දෙසැම්බර් දක්වා රැකියා අහිමි වූ බව පැහැදිලි වේ.

Categories: FactChecked, Sinhala, True