FactChecked

“පුනරින් ප්‍රදේශයේ මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං සහ මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් සූර්ය දෙමුහුන් බලාගාර උද්‍යානයක් සෑදේ” – තොරතුර ‘නිවැරදියි’ ‘සත්‍යයි’

CLAIM

පුනරින් ප්‍රදේශයේ මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං සහ මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් සූර්ය දෙමුහුන් බලාගාර උද්‍යානයක් සෑදේ

RATING

FactCheck True

ORGIN

2017 වර්ෂයේ මැයි 24 වෙනවිට ෆැක්ට් චෙක් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ලංකා රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය විමර්ශනාත්මකව තහවුරු කරගත් අතර එයින් පැහැදිලි වූයේ 2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
පූනරින් ප්‍රදේශයේ මෙගාවොට් 240කින් සමන්විත සුළං බල හා මෙගාවොට් 800කින් සමන්විත සූර්යබල දෙමුහුන් විදුලි උත්පාදන උද්‍යානයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය අදියර තුනක් (03) යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන කරන ලද බවයි.

සුළං බලශක්තිය මඟින් මෙන්ම සූර්ය බලශක්තිය මඟින් ද විදුලිය නිපදවීම සඳහා යෝග්‍ය ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් පූනරින් ප්‍රදේශය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං සහ මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් සූර්ය දෙමුහුන් බලාගාර උද්‍යානයක් පූනරින් ප්‍රදේශයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිය අනුමත කර ඇත.

Categories: FactChecked, Hot, Sinhala, True